
★★★★★
“ස්වීඩන් කලා උදානය” සහ "ගුණ-දම්" චිත්‍රකතා පොත දොරට වැඩුම
2025 නොවැම්බර් මස 15 වන දින Aulan, Gymnasievägen 1, 141 38 Huddinge ශාලාවේදී පවත්වන්නට යෙදුන “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය සංවිධානය කරන ලද්දේ ස්වීඩනයේ ලලිතකලා ඇකඩමිය විසිනි. මෙහිදී ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික කලාවන් ප්‍රගුණ කල සහ ප්‍රගුණ කරමින් සිටින පිරිසගේ ආරම්භක සන්දර්ශන පියවරකි. ඊට අමතරව ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික හස්ථකර්මාන්ත ප්‍රදර්ශනයක් සහ අලෙවි සැලක් ජනක ජයසිංහ මහතා විසින් ද, නවක ලාංකීක ලේඛිකාවක් වන නිමන්කා කෞෂල්‍යා විසින් සම්පාධිත ස්වීඩන් භාෂා අභ්‍යාස වැඩපොත් සහ ස්වීඩන් භාෂාවෙන් රචිත ළමා කතන්දර පොත් සහ ලෝකයේ පළවෙනි වතාවට නිර්මිත ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ විසින් නිර්මාණය කරන ලද, බෞද්ධ ජාතක කතා චිත්‍රකතා පත්තරය දොරට වැඩුම වැනි ඓතිහාසික කාරනා එදින සිදු කරන ලදි... (විස්තර...)
Write your text here...
සේරිවාණිජ ජාතක (ජාතක කතා)
තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි
වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක. ඒ කෙසේද යත්
ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට
කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග
ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ
වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක.
Our Services
You can place an order for your purchase.




ඔබගේ ඇණවුම
මෙම බෞද්ධ චිත්‍රකතා පුවත්පත ඇණවුම් කිරීම සඳහා වට්ඇප් මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් කල හැකිය.
සේරිවාණිජ ජාතකය
100 SEK
(10$)


★★★★★
★★★★★


Contact
Reach out for support or questions anytime.
Phone
+46 767 707 627
© 2025. All rights reserved.




