ස්වීඩන් කලා උදානය සහ ගුණ-දම්

2025 නොවැම්බර් මස 15 වන දින Aulan, Gymnasievägen 1, 141 38 Huddinge ශාලාවේදී පවත්වන්නට යෙදුන “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය සංවිධානය කරන ලද්දේ ස්වීඩනයේ ලලිතකලා ඇකඩමිය විසිනි. මෙහිදී ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික කලාවන් ප්‍රගුණ කල සහ ප්‍රගුණ කරමින් සිටින පිරිසගේ ආරම්භක සන්දර්ශන පියවරකි. ඊට අමතරව ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික හස්ථකර්මාන්ත ප්‍රදර්ශනයක් සහ අලෙවි සැලක් ජනක ජයසිංහ මහතා විසින් ද, නවක ලාංකීක ලේඛිකාවක් වන නිමන්කා කෞෂල්‍යා විසින් සම්පාධිත ස්වීඩන් භාෂා අභ්‍යාස වැඩපොත් සහ ස්වීඩන් භාෂාවෙන් රචිත ළමා කතන්දර පොත් සහ ලෝකයේ පළවෙනි වතාවට නිර්මිත ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ විසින් නිර්මාණය කරන ලද, බෞද්ධ ජාතක කතා චිත්‍රකතා පත්තරය දොරට වැඩුම වැනි ඓතිහාසික කාරනා එදින සිදු කරන ලදි... (විස්තර...)

පුවත්

11/27/20251 මිනිත්තු කියවන්න

“ස්වීඩන් කලා උදානය” සහ “ගුණ-දම්” පුවත්පත දොරට වැඩුම

2025 නොවැම්බර් මස 15 වන දින Aulan, Gymnasievägen 1, 141 38 Huddinge ශාලාවේදී පවත්වන්නට යෙදුන “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය සංවිධානය කරන ලද්දේ ස්වීඩනයේ ලලිතකලා ඇකඩමිය විසිනි. මෙහිදී ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික කලාවන් ප්‍රගුණ කල සහ ප්‍රගුණ කරමින් සිටින පිරිසගේ ආරම්භක සන්දර්ශන පියවරකි. ඊට අමතරව ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික හස්ථකර්මාන්ත ප්‍රදර්ශනයක් සහ අලෙවි සැලක් ජනක ජයසිංහ මහතා විසින් ද, නවක ලාංකීක ලේඛිකාවක් වන නිමන්කා කෞෂල්‍යා විසින් සම්පාධිත ස්වීඩන් භාෂා අභ්‍යාස වැඩපොත් සහ ස්වීඩන් භාෂාවෙන් රචිත ළමා කතන්දර පොත් සහ ලෝකයේ පළවෙනි වතාවට නිර්මිත ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ විසින් නිර්මාණය කරන ලද, බෞද්ධ ජාතක කතා චිත්‍රකතා පත්තරය දොරට වැඩුම වැනි ඓතිහාසික කාරනා එදින සිදු කරන ලදි.

නෝඩික් රටවල වෙසෙන ශ්‍රී ලාංකීක ප්‍රජාව සඳහා ලාංකීය සාම්ප්‍රධායික සංස්කෘතික හා කලා විෂයන් නිසියාකාරව අධ්‍යයනය කිරීමට ආයතනයක් නොමැති කම නිරන්තරයෙන් සංස්කෘතික උත්සව වලදී කැපී පෙනෙන දෙයක් විය. ඒ ශ්‍රී ලාංකීක සාම්ප්‍රධායික කලාවන් පිළිබඳ වෘත්තීය නිපුනත්වයක් ඇති පිරිස් හිඟ කමයි. මෙම අපහසුව දිගින් දිගටම වසර ගනනාවක් පැවැත්ම නිසා සංස්කෘතික උත්සව වලදී නිවැරදි ලාංකීක සාම්ප්‍රධායන් වලින් බැහැර වෙමින් බොලිවුඩ්කරනය වූ මිශ්‍රණයන් ලාංකීක සාම්ප්‍රධායික කලාවන් වැනසී යාම පිළිබඳ විශාල පසුතැවිල්ලක සිටි නර්තනාචාරිනී මුතුකුමාරි ලියනහේවගේ මහත්මිය විසින් ස්වීඩනය තුළ “ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය” ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඇගේ අදහසකට අනූව මෙම ලලිත කලා ඇකඩමිය, ස්වීඩනයේ වෙසෙන ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය මැද ආරම්භ කරන ලදි. එහි මූලික අභිප්‍රාය වන්නේ ලාංකීක සංස්කෘතිය තුළ ඇති සාම්ප්‍රධායික කලාවන් සුරක්ෂිත කරමින් ඒවා අනාගත පරපුර වෙත දායාද කිරීමයි. මෙය ස්වීඩන් රටේ ජන ජීවිතය හා සංස්කෘතික සහජීවනය ඇතිකරලීම සඳහා පිටුවහල් කර ගැනීමයි.

2025 නොවැම්බර් මස 15 වන දින පැවති “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික කලා මහෝත්සවය ස්වීඩන් ජාතිකයන් සහ ලාංකීකයන් 250කට අධික ජනතාවක් මධ්‍යයේ නොමිලේ පවත්වන ලදි. එහි පැමිණි සියළු දෙනා වෙනුවෙන් කෙටි ආහාර වේලක් සහ කෝපි සංග්‍රහයක් පවත්වන ලදි. මෙම “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික කලා මහෝත්සවය තුළින් ලාංකීය සාම්ප්‍රධායික නර්තන කලාව පිළිබඳ, ඉන්දීය භරත නාට්‍යම්, ඉන්දීය කථක් නර්ථනය මෙන්ම සාම්ප්‍රධායික කලාවන් භාවිතයෙන් නිර්මාණය කිරීම පිළිබඳ උසස් රාසාත්මක නරතනයන් ඉදිරිපත් කරන ලදි. මෙහිදී එම නර්තන සඳහා මූලික දායකත්වය දක්වන ලද්දේ එම විෂයන් පිළිබඳ මනා ලෙස අධ්‍යාපනයක් ලද විද්‍යාර්ථීන් විසිනි. මේ සෑම නර්ථනයක් පිළිබඳ අධීක්ෂනය නර්තනාචාරිනී මුතු කුමාරි ලියනහේවගේ මහත්මිය විසින් කරන ලදි. ඒ සෑම නර්තනාංගයක් පිළිබඳ කෙටි හැඳින්වීමක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන ලදි. සෞන්දර්ය විද්‍යාර්ථීන්ට අමතරව ශිල්පීන් සහ ඇකඩමියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂාවන් නර්ථනාංග ඉදිරිපත් කරන ලදි.

මෙම ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය පිළිබඳ සහ ස්වීඩනය ප්‍රමුඛ නෝඩික් රටවල ලාංකීය සාම්ප්‍රධායික කලාවන් වල පිඹිඳීම පිළිබඳ විශ්ලේෂනාත්මක කතාවක් කරන ලද්දේ කලා ශිල්පී පණ්ඩුල ලියනහේවගේ මහතා විසිනි. ඔහු ලංකාවේ කලා පවුලක් වන සුජාතා අත්තනායක ශිල්පිනියගේ ඥාති පුතනුවන්ය. ඔහු මෙම “ස්වීඩන් කලා උදාන” මහෝත්සවයේ ප්‍රධාන සංවිධායක වරයාය. ඔහු විසින් මෙම ලලිතකලා ඇකඩමියේ අභිමතයන් හා ශාස්ත්‍රීය වටිනාකම පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සහ පැමිණි පිරිස පිළිගනිමින් කතා කරන ලදි.

ස්වීඩන්, ස්ටොක්හෝම් අගනුවර ආල්බි තපෝවනාරාමාධිපති නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය වටපාන පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ ආශිර්වාද කරමින් සභාව අමතන ලදි. එහිදී උන්වහන්සේ අවධානයට ලක් කරන ලද්දේ බෞද්ධ දර්ශනය තුල අන්තර්ගත වන කලා හා සංස්කෘතික සහජීවනය පිළිබඳ කරුණුය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ කලාව වැඩුනේ සහ පෝෂණය වූයේ බෞද්ධ සිද්ධස්ථාන මුල් කරගනිමින් බව අවධාරණය කරන ලදි. ස්වීඩනය තුළ ද ලාංකීය සංස්කෘතිය මෙසේ බෞද්ධ විහාරස්ථාන මුල් කර ගනිමින් ගොඩනැගීම පිළිබඳ ස්තූතිය සහ සතුට ප්‍රකාශ කරන ලදි.

ස්වීඩන්, ස්ටොක්හෝම් අගනුවර යාකොස්බරි හී පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මාතලේ ධම්මක්කන්ද ස්වාමින් වහන්සේ අනුශාසනා කරමින් දක්වන ලද්දේ කලාවේ සංයමය සහ රිද්මය පුද්ගලයාගේ ජීවිතයට එක්කර ගැනීම තුළින් සාමකාමී සහෘද පරිසරයක් නිර්මාණය කර ගත හැකි බවයි. ඒ තුළින් සමාජ යහපැවැත්ම සහ සංස්කෘතික සංහිදියාව ඇතිකර ගත හැකි බව දේශනා කරන ලදි.

මෙම “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවයේ විශේෂම කරුන නම් ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික හස්ථ කර්මාන්ත ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණ ලංකාවෙන් ගෙන්වා ගනිමින් ප්‍රදර්ශනය සහ අලෙවි කිරීමට අවස්ථාව සැලසීමයි. එය සංවිධානය කරන ලද්දේ “සෙයිලාන්” ව්‍යාපාරයේ හිමිකාරිත්වය දරන ජනක ජයසිංහ මහතා විසිනි. එම ප්‍රදර්ශනය හා අලෙවි හල තුලින් ස්වීඩන් ජනයාට ලාංකීය සාම්ප්‍රධායක ශිල්පීන්ගේ දක්ෂතාවය සහ ශිල්පීයත්වය පෙන්වීම තුළින් රටේ කීර්තියට හා අභිමාණය ඇති කිරීමට රුකුලක් විය. මේ තුළින් ශ්‍රී ලාංකීක සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් සේම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථීකයට ද විශාල දායකත්වයක් ලැබින. මේ පිළිබඳ “සෙයිලාන්” ව්‍යාපාරයේ හිමිකාර ජනක ජයසිංහ මහතා විසින් පැමිණ සිටි පිරිස වෙත හඳුන්වා දීමේ හරවත් දේශනයක් පවත්වන ලදි.

“ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය තුළින් නව පරපුරේ ලාංකීක ලේඛිකාවක් වන නිමන්කා කෞෂල්‍යා මහත්මිය විසින් සම්පාදනය කර ලද ස්වීඩන් භාෂාව ඉගෙන ගැනීමේ පහසු කාරක අධ්‍යයන පොත් කට්ටලය සහ ස්වීඩන් භාෂාවෙන් රචිත ළමා කතන්දර පොත් දොරට වැඩීම සිදු කෙරින. මෙය ප්‍රකාශනය කරන ලද්දේ නිමන්කා කෞෂල්‍යා මහත්මියගේ හිමිකාරිත්වය දරන “බිබිලියෝ ලංකා” ආයතනය හරහාය. ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සව ශාලාව තුල නිමන්කා කෞෂල්‍යා මහත්මියගේ හිමිකාරිත්වය දරන “බිබිලියෝ ලංකා” ආයතනයේ පොත් ප්‍රදර්ශන හා අලෙවි කුටියක් පවත්වන ලදි. නිමන්කා කෞෂල්‍යා මහත්මිය විසින් සාහිත්‍ය සහ භාෂාව පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය තුළදී බෞද්ධ ජාතක කතා අනුසාරයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර කතා පුවත්පතක් එළිදක්වන ලදි. එය ලොව ප්‍රථම වතාවට කරන ලද බෞද්ධ ජාතක කතා අධ්‍යාපන පුවත්පත ලෙස ඉතිහාස ගතවනු ඇත. අවිවේකී ජීවිත ගෙවන ජනයා වෙත ධර්මාවබෝධය සහ ජීවිතයට බෞද්ධ දර්ශනයේ මානව ගුණදර්ම හරයන් එකතුකර ගැන්ම පිණිස පහසු කාරකයක් ලෙස චිත්‍රකතා පත්තරයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙහි සංකල්පය සහ නිර්මාණය සම්පූර්ණයෙන්ම කරන ලද්දේ ලලිත කලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ මහතා විසිනි. මෙය යූරෝපය කේන්ද්‍ර කර ගනිමින් අලෙවි වන මාසික ප්‍රකාශනයකි. “ගුණ-දම්” බෞද්ධ අධ්‍යාපනික සඟරාව සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩිෂ් යන භාෂා තුනකින් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවයේ උත්සව සභාව අමතමින් ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ මහතා සංස්කෘතික සහජීවනය උදෙසා කලාවේ සහ සාහිත්‍යයේ දායකත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලදි. එසේම සුදුසුකම් ලත් සෞන්දර්ය විද්‍යාර්ථීන් විසින් මෙහෙයවන ලලිකලා ඇකඩමියක ඇති පුද්ගලික සහ සාමාජීය මෙන්ම සංස්කෘතික වටිනාකම පිළිබඳ ගැඹුරින් අදහස් දක්වමින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමියේ සභාපතිනිය වන සමාධි ද සිල්වා මහත්මිය විසින් “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝතසව සභාව අමතමින් නර්තන විෂය පිළිබඳ මෙන්ම ආයතනයට නවක බඳවා ගැනීම් සිදු කිරීම පිළිබඳ කරුණු දක්වන ලදි. ලාංකීය සාම්ප්‍රධායික උඩරට, පහතරට සහ සබරගමු නර්තන කලා පංති සහ ඉන්දීය සම්භාව්‍ය නර්තනකලා වන භාරත නාට්‍යම් සහ කථක් නර්තන පංති පැවැත්වීම පිළිබඳ කරුණු දක්වන ලදි. ඊට අමතරව චිත්‍ර, ගායනා, සාහිත්‍ය හා රසාස්වාදන පංති හා වැඩමුළු ගැන කරුණු දක්වන ලදි.

උත්සවයේ අවසානය වශයෙන් ස්වීඩන් ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමියේ නිර්මාතෘ මුතූ ලියනහේවා මහත්මිය විසින් ස්තූති කතාව කරන ලදි. එහිදී ඇය විසින් මෙතෙක් කල් අවුරුදු 10කට අධික කාලයක් ස්වීඩන් පොලවේ ලාංකීය සාම්ප්‍රධායික සංස්කෘතික කලාව නිසි අයුරින් වර්ධනය නොවීම තුළ තිබූ අපහසුතාවය සහ සංස්කෘතික අනන්‍යතාවයක් නොමැති කමින් සංස්කෘතික සහජීවනය අවම වීම නිසා වූ සමාජ පසුබටවීම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලදි. මෙම ඇකඩමිය තුලින් ඉදිරියේදී ලාංකීක අනන්‍යතාවය සහිත සාම්ප්‍රධායික කලා ශිල්ප ප්‍රගුණ කල ශිල්පීන් බිහි කිරීම සඳහා කැප වන බව සපත කරන ලදි.

ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද “ස්වීඩන් කලා උදානය” සංස්කෘතික මහෝත්සවය සඳහා නර්තන ශිල්පීය දායකත්වය සපයන ලද ශිල්පීන් සහ ශිල්පිණියන් සේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේය. ජ්‍යෙෂ්ඨ නර්තනාචාරිනී මුතූ කුමාරි ලියනහේවගේ මහත්මිය, නර්තනාචාරිනී සමාධි ද සිල්වා මහත්මිය, නර්තනාචාරිනී පියුමි ගුණතිලක මහත්මිය, නර්තනාචාරිනී නයෝමි ලංකා මහත්මිය, නර්තන ශිල්පී රංග වීරකෝන් මහතා, නර්තනාචාර්ය විද්‍යාවේදී උපාධි අපේක්ෂක ගෙත්මින් සමක මහතා, නර්තන ශිල්පී ධනුෂ්ක ජීවන්ත මහතා, තරුෂි කල්‍යාණි රත්නායක ශිෂ්‍යාව, හසන්‍යා දෙව්නදී ශිෂ්‍යාව, රනුල්‍යා සේනාධීර ශිෂ්‍යාව, ඉසලි නුලාරා ශිෂ්‍යාව, යසස්මි රන්ධනා ශිෂ්‍යාව, පහන්යා ඒකනායක ශිෂ්‍යාව, රයිනි හශාරා ශිෂ්‍යාව, ඔලිනි තිසත්‍රා ශිෂ්‍යාව, ශ්වේතා හිමන්සි ශිෂ්‍යාව, ආර්යා කරුණාතිලක ශිෂ්‍යාව, සන්සා ලියනවඩු ශිෂ්‍යාව, සෙත්මිණි තැන්නහේවා ශිෂ්‍යාව, ලිසලි ඔනාරා ද සිල්වා ශිෂ්‍යාව, සන්සා වනසුන්දර ශිෂ්‍යාව, ආර්යා වනසුන්දර ශිෂ්‍යාව, ජයවි ආරධ්‍යා දිසානායක ශිෂ්‍යාව, ඔනෙරා ඒකනායක ශිෂ්‍යාව, එවින්‍යා ගොඩිගමුව ශිෂ්‍යාව, එෂිර්ලි මෙන්ඩිස් ශිෂ්‍යාව, පහන්‍යා ඒකනායක ශිෂ්‍යාව, හෙසන්‍යා දේවින්දි ශිෂ්‍යාව, ඉසාලි නුලාරා ශිෂ්‍යාව, රන්දුල්‍යා සේනාධීර ශිෂ්‍යාව, තරුෂි රත්නායක ශිෂ්‍යාව යන අය නර්තනයෙන් දායක විය. වේදිකා පසුතල ලාංකීය සාම්ප්‍රධායික මෝස්තර රටා උපයෝගී කරගනිමින් අලංකාරය කරන ලද්දේ ලලිතකලාවේදී ඉන්ද්‍රජිත් වෑවලගේ මහතා විසිනි.

මේ වූ විශාල කාර්ය භාරයක් සඳහා ස්වීඩන් ශ්‍රී ලංකා ලලිතකලා ඇකඩමියේ සාර්ථකත්වයට උර දෙමින් සිටින ක්‍රියාකාරී ලෙස කටයුතු කරමින් සිටින්නේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ නර්තනාචාරිනී මුතූ කුමාරි ලියනහේවගේ මහත්මිය, සභාපතිනිය නර්තනාචාරිනී සමාධි සිල්වා මහත්මිය, ජාතික සංවිධායක කලා ශිල්පී පණ්ඩුල ලියනහේවගේ මහතා, අනුශාසක ලලිතකලා වේදී ඉන්ද්‍රජිත් වෑවලගේ මහතා, නර්තනාචාරිනී නයෝමි ලංකා මහත්මිය, නර්තනාචාරිනී පියුමි ගුණතිලක මහත්මිය, නර්තනාචාර්ය විද්‍යාවේදී උපාධි අපේක්ෂක ගෙත්මින් සමක මහතා වැනි විශාල විද්‍යාර්ථී පිරිසක් ශක්තිමත්ව සිටී.

Gallery

Provide a short description of the gallery, highlighting key things.